18/05/2026
පහුගිය කාලේ පුරාවටම බඩු මිල සලකිවයුතු විදිහට වැඩි උනා. ඒ මදිවට අලුත් අවුරුද්දට කවුන්සිල් ටැක්ස් (Council Tax) වැඩිවෙලා කියලා ලියුම ගෙදරට එද්දීත් ටිකක් හෙල්ලිල යනවා නෙහ්. ඒ අතර ගෙදරට කීයක් හරි යවන්න ඇප් එක රීෆ්‍රෙෂ් කර කර GBP රේට් එක (Exchange rate) වැඩි වෙනකන් බලන් ඉන්න එක අද හැම ශ්‍රී ලාංකිකයෙකුගේම දෛනික පුරුද්දක් වෙලා. මේ එක එක ජාතියේ වියදම් පියවගන්න අපේ අය පැය ගණන් නිදි මරමින්, ඕවර්ටයිම් (Overtime) කරමින්, එහෙමත් නැත්නම් තමන්ගේම කියලා පොඩි බිස්නස් එකක් කරමින් පුදුම කට්ටක් කනවා.
හැබැයි ඔහොම මහන්සි වෙලා හොයන සල්ලි ටිකටත් දැන් බ්‍රිතාන්‍ය රජයේ බදු දෙපාර්තමේන්තුව (HMRC) අලුත් දැලක් එලන්නයි හදන්නේ. ඉතින් කලින් podcast එකකදී ඔයාලට Making Tax Digital (MTD) ගැන පොඩි ඉඟියක් දුන්නා මතකද?
ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන ආපු අලුත්ම, සහ ගොඩක් දෙනෙක් තාම දන්නේ නැති රහසක් ගැන. මේක විශේෂයෙන්ම බලපාන්නේ Uber දුවන, Deliveroo කරන, තමන්ගේම කියලා පොඩි කඩයක් (Corner shop) කරන, එහෙමත් නැත්නම් ගෙයක් දෙකක් කුලියට දීලා ඉන්න (Landlords) අපේ ශ්‍රී ලාංකිකයන්ටයි.
MTD - පියවරෙන් පියවර එන අලුත්ම බදු ක්‍රමය 📊📱
කලින් අපි හිතාගෙන හිටියේ 2026 අප්‍රේල් වෙනකොට හැමෝටම මේ Making Tax Digital (MTD) නීතිය එකපාරටම කඩාගෙන වැටෙයි කියලා. හැබැයි HMRC එකෙන් දැන් මේ නීතිය එකපාරටම ගේන්නේ නැතුව පියවරෙන් පියවර (Phased approach) ගේන්න තීරණය කරලා තියෙනවා.
ඔබේ වාර්ෂික ආදායම පදනම් කරගෙන තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේකයි අලුත්ම කාලසටහන. මේක හොඳට කියවලා මතක තියාගන්න.
පළමු පියවර: 2026 අප්‍රේල් සිට - පවුම් 50,000 සීමාව 💷
දැනට මේ නීතිය බලපාන්නේ වසරකට පවුම් 50,000 කට වඩා Self-employed ආදායමක් ලබන අයටයි.
හැබැයි මෙතන ලොකු රහසක් තියෙනවා. ගොඩක් අය කියන විදිහට මේ පළවෙනි අවුරුද්දේ ඉඳන්ම මේක තදින්ම අනිවාර්ය කරන්නේ නැහැ කියන කතාවක් (Soft landing approach) පැතිරෙනවා. ඒ කියන්නේ 2026 කියන්නේ HMRC එකෙන් අපිට දෙන 'පුහුණු වෙන කාලයක්' වගේ. වැරදීම් වලට එකපාර දඩ ගහන එකක් නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ නිසා මේක මහා භයානක විදිහට මුලින්ම දැනෙන එකක් නැහැ.
දෙවන පියවර: 2027 අප්‍රේල් සිට - පවුම් 30,000 සීමාව 📉
මෙන්න මෙතනදී තමයි අපේ ගොඩක් අයට මේක ඇත්තටම දැනෙන්න ගන්නේ. 2027 අප්‍රේල් වෙනකොට මේ නීතිය වසරකට පවුම් 30,000 ට වඩා ආදායම් ලබන අයටත් අදාළ වෙනවා.
ඔබ පූර්ණකාලීනව Delivery කරන කෙනෙක් නම්, ලන්ඩන් වල කුලියට දෙන නිවාස කිහිපයක් තියෙන කෙනෙක් නම්, හෝ Part-time IT Freelancing කරන කෙනෙක් නම්, මේ සීමාවට අහුවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. එතකොට අනිවාර්යයෙන්ම ඩිජිටල් ක්‍රමයට බදු වාර්තා යවන්න සිද්ධ වෙනවා.
තුන්වන පියවර: 2028 අප්‍රේල් සිට - පවුම් 20,000 සීමාව ⚠️
2028 අප්‍රේල් වෙනකොට මේ දැල තවත් කුඩා වෙනවා. වාර්ෂික ආදායම පවුම් 20,000 ට වඩා වැඩි හැමෝටම MTD අනිවාර්ය වෙනවා.
ඒ කියන්නේ තමන්ගේ ප්‍රධාන රැකියාවට (Full-time job) අමතරව සති අන්තයේ පොඩි සයිඩ් හස්ල් (Side hustle) එකක් කරන අයටත්, පොඩි Annex එකක් කුලියට දීලා අමතර ආදායමක් ගන්න අයටත් මේ නීතියෙන් කිසිම ගැලවීමක් ලැබෙන්නේ නැහැ.
ඇයි මේක මෙච්චර බරපතල? මොකක්ද මේ MTD කියන්නේ? 🤔💻
ඉස්සර අපේ අය කළේ මොකක්ද? අවුරුද්ද පුරාම තියෙන බිල්පත් ටිකයි, ඉන්වොයිස් ටිකයි, පෙට්‍රල් ගහපු රිසිට් ටිකයි ෂොපින් බෑග් එකක හරි සපත්තු පෙට්ටියක හරි දාගෙන, අවුරුද්ද අන්තිමට තමන් දන්නා කියන ශ්‍රී ලාංකික එකවුන්ටන්ට් (Accountant) කෙනෙක් ගාවට යන එකනේ.
අවුරුද්දකට සැරයක් Self-Assessment එක පුරවලා යැව්වාම ඊළඟ ජනවාරි 31 වෙනකන් ආයේ ඒ ගැන හිතන්න ඕනේ නැහැ. හැබැයි මේ අලුත් නීතිය යටතේ ඒ සෙල්ලම් බෑ.
ඒ වගේම අවුරුද්දකට සැරයක් නෙමෙයි, මාස 3න් 3ට (Quarterly) තමන්ගේ ආදායම් සහ වියදම් අර සොෆ්ට්වෙයාර් එක හරහා කෙලින්ම HMRC එකට රිපෝට් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අවුරුද්ද අන්තිමට අවසාන ප්‍රකාශනයක් (Final Declaration) යවන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්දකට පස් වතාවක් ඔයාගේ විස්තර HMRC එකට යනවා!
පළවෙනි අවුරුද්දේ අනිවාර්ය නැහැ කියන එකේ ඇත්ත මොකක්ද? 🧐
මම කලින් කිව්වා වගේ HMRC එකත් දන්නවා මේක ලොකු වෙනසක්, මිනිස්සුන්ට මේකට හුරුවෙන්න කල් ඕනේ කියලා. ඒ නිසා තමයි 2026 දී පවුම් 50,000 ක සීමාවෙන් පටන් ගෙන, වැරදීම් වලට තදින් දඬුවම් නොකර (Soft landing approach) ඉන්න තීරණය කරලා තියෙන්නේ.
හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ "අපිට මේක මගඇරලා ඉන්න පුළුවන්" කියලා. ඔයා ඒ අවුරුද්දේ හරියට රිපෝට් යැව්වේ නැත්නම්, ඊළඟ අවුරුද්දේ ඉඳන් එකතු වෙලා එන දඩ මුදල් (Penalties) ගෙවන්න වෙන්නේ පොලියත් එක්කමයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, එක්සත් රාජධානියේ ජීවත් වෙනවා කියන්නේ ඉතිං නිතර වෙනස් වෙන නීති රීති එක්ක හැප්පෙන්න සිද්දවෙනවා කියන එකට. HMRC එක දවසින් දවස ඩිජිටල් වෙනවා, ඒ වගේම ගොඩක් ස්මාර්ට් වෙනවා. ඒගොල්ලන්ට ඕනේ රට ඇතුළේ කැරකෙන හැම සතයක්ම නිසි වෙලාවට ට්‍රැක් කරලා බදු අය කරගන්න.
අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ නීති ගැන කලින් දැනුවත් වෙලා හිටියොත්, අනවශ්‍ය දඩ මුදල් වලින් බේරිලා අපේ මහන්සියෙන් හොයන සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්. කාලයත් එක්ක වෙනස් වෙන තාක්ෂණයට අපිත් හැඩගැහෙන්නම ඕනේ, නැත්නම් අපිට වෙන්නේ පරණ ක්‍රම බදාගෙන ඉඳලා අමාරුවේ වැටෙන්නයි.
මේ පියවරෙන් පියවර එන Making Tax Digital (MTD) නීතිය ගැන ඔයාලට හිතෙන්නේ මොකක්ද? මේක පොඩි ව්‍යාපාර කරන අයට අසාධාරණයක්ද? නැත්නම් හැමෝම සාධාරණව බදු ගෙවන්න ඕනේ නිසා මේක හොඳ පියවරක්ද?
ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේක තමන්ගේම බිස්නස් එකක් කරන, එහෙමත් නැත්නම් Uber/Deliveroo කරන ඔයාගේ යාලුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න. මේ තොරතුර එයාලට ලොකු උදව්වක් වෙයි!
Thanujaya Thebuwanage - Tea & Truth Podcast
ඔයාගේ tax ගැටළු සිඳගන්න දැන්ම කතා කරන්න +44 7771070207
තවත් මේවගේ වැදගත් තොරතුරු දැනකියා ගන්න අපේ Tea & Truth Podcast පේජ් එක Follow කරලා තියාගන්න
Tea & Truth Podcast Youtube Channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා
--Tea & Truth Podcast --