Supun Yasanka

Supun Yasanka We all have a story in life, be a hero in your own story ..❤️💪🏻 -Empowering the Next Generation of Entrepreneurs,Brought of you by Entrepreneur -

🏭 කාර්මික චින්තනයට මූල්‍ය ශක්තිය එක් කළ තවත් සාර්ථක පියවරක්! කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) ප්‍රවර්ධනය කරන ⚙️ කාර්මික චින...
11/07/2026

🏭 කාර්මික චින්තනයට මූල්‍ය ශක්තිය එක් කළ තවත් සාර්ථක පියවරක්!

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) ප්‍රවර්ධනය කරන ⚙️ කාර්මික චින්තනයේ මූලික ස්ථම්භ 5 (Five Pillars of Industrial Thinking)

⚙️ ඵලදායීතාව (Productivity)
💡 නව්‍යකරණය (Innovation)
🤖 තාක්ෂණය (Technology)
📈 ක්‍රියාවලි වැඩිදියුණු කිරීම (Process Improvement)
🌍 ගෝලීය තරඟකාරිත්වය (Global Competitiveness)

මෙම මූලධර්ම සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රවේශය ඉතා වැදගත් සාධකයකි. එම අවශ්‍යතාවයට පිළිතුරක් ලෙස ඇප වෙනුවට රජයේ සුරැකුම යටතේ ක්‍රියාත්මක වන ණය සුරැකුම් ක්‍රමය (Credit Guarantee Scheme) අද වන විට ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට නව ශක්තියක් එක් කරමින් සිටී.

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ණය සුරැකුම් ආයතනය (NCGI) ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් සේවාවන් සපයන අනෙකුත් ආයතනවල පූර්ණ සහයෝගයෙන්, මේ වන විට ව්‍යවසායකයින් 2,000 කට ඇප රහිත ණය පහසුකම් ලබාදීමට සමත්ව ඇත.

📌 මේ වන විට ලබා ඇති ප්‍රගතිය

✅ ව්‍යවසායකයින් 2,000කට ඇප රහිත ණය පහසුකම්
✅ රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම්
✅ රු. 500,000 සිට රු. මිලියන 25 දක්වා ණය පරාසය
✅ නිකුත් කරන ලද ණය මුදලින් 67%ක් දක්වා රජයේ ඇප ආවරණය
✅ සහතික කළ මුදල මත වාර්ෂික අවදානම් වාරිකය 1% – 2% අතර
✅ කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, සංචාරක, අපනයන සහ කාන්තාවන් සතු/කළමනාකරණය කරන ව්‍යාපාර සඳහා විශේෂ අවධානය
✅ ශ්‍රී ලංකාව පුරා මූල්‍ය ආයතන 13ක් හරහා ණය නිකුත් කිරීම

🤝 කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ක්‍රමෝපායික සැලැස්ම (SME Nexus - National Strategic Framework) යටතේ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සක්‍රීයව දායක වෙමින්,

🔹 දිවයින පුරා සංවර්ධන නිලධාරීන් 700කට විශේෂ පුහුණුව ලබාදී ණය සුරැකුම් ක්‍රමය පිළිබඳ ව්‍යවසායකයන් දැනුවත් කිරීම ශක්තිමත් කර ඇත.

🔹 IDB දිස්ත්‍රික් කාර්යාල ජාලය හරහා ණය සඳහා අවශ්‍ය නිර්දේශ, මඟපෙන්වීම සහ අධීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරයි.

🔹 ව්‍යවසායකයන් ණය ලබාගැනීමට පෙර මූල්‍යමය හා ව්‍යාපාරික සූදානම වර්ධනය කිරීම සඳහා Credit Readiness Programme ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවසන් සැලසුම් මේ වන විට සකස් කරමින් පවතී.

මෙම සියලු ක්‍රියාමාර්ග තුළින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත වඩාත් තරඟකාරී, තාක්ෂණික හා නව්‍යකරණය මත පදනම් වූ කර්මාන්ත පද්ධතියක් බවට පත් කිරීම සඳහා IDB සිය මෙහෙවර තවදුරටත් ශක්තිමත්ව ඉටු කරමින් සිටී.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රකාශයට අනුව, 2026 වසර අවසන් වන විට තවත් ව්‍යවසායකයින් 1,000කට මෙම ණය පහසුකම ලබාදීම ඉලක්ක කරගෙන කටයුතු සිදු කෙරේ.

අපගේ දැක්ම "Beyond Development Towards Transformation" යන්න යථාර්ථයක් කරමින්, කර්මාන්ත සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම ඔස්සේ ශක්තිමත් ව්‍යවසායක පරිසරයක් ගොඩනැගීමට IDB අඛණ්ඩව කැපවී සිටී.

👇 කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) විසින් ලබාදෙන සේවාවන්, වැඩසටහන් සහ කාර්මික සංවර්ධන අවස්ථා පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා පළමු Comment එකේ ඇති නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

----------------------------

🏭 தொழில்துறை சிந்தனைக்கு நிதி வலிமை சேர்த்த மற்றொரு வெற்றிகரமான முன்னேற்றம்!

இலங்கை தொழில்துறை அபிவிருத்தி சபை (IDB) முன்னெடுத்து வரும் ⚙️ தொழில்துறை சிந்தனையின் ஐந்து அடிப்படைத் தூண்கள் (Five Pillars of Industrial Thinking) நாட்டின் தொழில்துறை வளர்ச்சிக்கான வலுவான அடித்தளமாக அமைகின்றன.

⚙️ உற்பத்தித்திறன் (Productivity)
💡 புதுமை (Innovation)
🤖 தொழில்நுட்பம் (Technology)
📈 செயல்முறை மேம்பாடு (Process Improvement)
🌍 உலகளாவிய போட்டித்திறன் (Global Competitiveness)

இந்தக் கொள்கைகளை வெற்றிகரமாக நடைமுறைப்படுத்த தொழில்கள் மற்றும் தொழில்முனைவோருக்கு நிதி அணுகல் மிகவும் முக்கியமானதாகும். இதற்கான தீர்வாக, அடமானத்திற்கு மாற்றாக அரசின் உத்தரவாதத்துடன் வழங்கப்படும் Credit Guarantee Scheme, இலங்கையின் தொழில்துறைக்கு புதிய நிதி வாய்ப்புகளை உருவாக்கி வருகிறது.

நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சின் கீழ் இயங்கும் தேசிய கடன் உத்தரவாத நிறுவனம் (NCGI) தலைமையில், கைத்தொழில் மற்றும் தொழில்முனைவோர் அபிவிருத்தி அமைச்சின் வழிகாட்டுதலின் கீழ், இலங்கை தொழில்துறை அபிவிருத்தி சபை (IDB), தேசிய தொழில்முனைவோர் அபிவிருத்தி அதிகாரசபை (NEDA), சிறு தொழில் அபிவிருத்தி பிரிவு (SEDD) மற்றும் சிறு, குறு மற்றும் நடுத்தர தொழில்முனைவோருக்கு சேவையளிக்கும் ஏனைய நிறுவனங்களின் முழுமையான ஒத்துழைப்புடன், இதுவரை 2,000 தொழில்முனைவோருக்கு அடமானமில்லா கடன் வசதி வழங்கப்பட்டுள்ளது.

📌 இதுவரை எட்டியுள்ள முன்னேற்றங்கள்

✅ 2,000 தொழில்முனைவோருக்கு அடமானமில்லா கடன் வசதி
✅ ரூ. 14 பில்லியனைத் தாண்டிய கடன் வசதிகள்
✅ ரூ. 500,000 முதல் ரூ. 25 மில்லியன் வரை கடன் வசதி
✅ வழங்கப்பட்ட கடனில் 67% வரை அரசின் உத்தரவாத பாதுகாப்பு
✅ உத்தரவாதத் தொகைக்கு ஆண்டுதோறும் 1%–2% வரை அபாயக் கட்டணம்
✅ விவசாயம், தகவல் தொழில்நுட்பம், சுற்றுலா, ஏற்றுமதி மற்றும் பெண்கள் சொந்தமாக நடத்தும் தொழில்களுக்கு சிறப்பு முன்னுரிமை
✅ இலங்கை முழுவதும் 13 நிதி நிறுவனங்கள் மூலம் கடன் வழங்கல்

🤝 SME Nexus – தேசிய மூலோபாயக் கட்டமைப்பிற்கு IDB வழங்கும் பங்களிப்பு

கைத்தொழில் மற்றும் தொழில்முனைவோர் அபிவிருத்தி அமைச்சின் SME Nexus – National Strategic Framework இன் கீழ், IDB தொடர்ந்து செயற்பட்டு வருகிறது.

🔹 நாடு முழுவதும் 700 அபிவிருத்தி அதிகாரிகளுக்கு Credit Guarantee Scheme தொடர்பான விழிப்புணர்வு பயிற்சி வழங்கப்பட்டுள்ளது.

🔹 IDB மாவட்ட அலுவலகங்கள் மூலம் கடன் விண்ணப்பங்களுக்கு தேவையான பரிந்துரைகள், வழிகாட்டல் மற்றும் கண்காணிப்பு நடவடிக்கைகள் தொடர்ச்சியாக மேற்கொள்ளப்படுகின்றன.

🔹 தொழில்முனைவோர் வங்கிக் கடன் பெறத் தயாராகும் வகையில் Credit Readiness Programme ஒன்றை IDB முன்னெடுத்து இறுதிக்கட்டத்தில் கொண்டு வந்துள்ளது.

இந்த நடவடிக்கைகள் அனைத்தும் இலங்கையின் தொழில்துறையை அதிக போட்டித்திறன், தொழில்நுட்பம் மற்றும் புதுமை மையப்படுத்தப்பட்ட துறையாக மாற்றும் IDB-யின் உறுதியை பிரதிபலிக்கின்றன.

கைத்தொழில் மற்றும் தொழில்முனைவோர் அபிவிருத்தி பிரதி அமைச்சர் திரு. சதுரங்க அபேசிங்க அவர்களின் கருத்துப்படி, 2026 ஆம் ஆண்டு இறுதிக்குள் மேலும் 1,000 தொழில்முனைவோருக்கு இந்தக் கடன் வசதியை வழங்க இலக்கு நிர்ணயிக்கப்பட்டுள்ளது.

"Beyond Development Towards Transformation" என்ற எமது நோக்கை முன்னெடுத்து, தொழில்துறை வளர்ச்சிக்கான நிதி அணுகலை விரிவுபடுத்தி வலுவான தொழில்முனைவோர் சூழலை உருவாக்க IDB தொடர்ந்து அர்ப்பணிப்புடன் செயல்பட்டு வருகிறது.

👇 இலங்கை தொழில்துறை அபிவிருத்தி சபை (IDB) வழங்கும் சேவைகள், திட்டங்கள் மற்றும் தொழில்துறை அபிவிருத்தி வாய்ப்புகள் குறித்து மேலும் அறிய, முதல் கருத்தில் (First Comment) வழங்கப்பட்டுள்ள அதிகாரப்பூர்வ இணையதளத்தைப் பார்வையிடுங்கள்.

--------------------------------

🏭 Another Successful Step Towards Strengthening Industrial Thinking Through Financial Access!

The Industrial Development Board (IDB) promotes the ⚙️ Five Pillars of Industrial Thinking, which serve as the foundation for building a competitive and future-ready industrial sector.

⚙️ Productivity
💡 Innovation
🤖 Technology
📈 Process Improvement
🌍 Global Competitiveness

Access to finance is a critical requirement for entrepreneurs and industries to successfully implement these principles. Addressing this need, the Credit Guarantee Scheme, which provides a government-backed guarantee in place of collateral, is empowering Sri Lanka's industrial sector by improving access to finance.

Led by the National Credit Guarantee Institution (NCGI) under the Ministry of Finance, Planning and Economic Development, and implemented with the guidance of the Ministry of Industry and Entrepreneurship Development, together with the full support of the Industrial Development Board (IDB), the National Enterprise Development Authority (NEDA), the Small Enterprise Development Division (SEDD) and other SME support institutions, the programme has successfully facilitated collateral-free loans for over 2,000 entrepreneurs.

📌 Progress Achieved to Date

✅ Collateral-free loans provided to 2,000 entrepreneurs
✅ Over LKR 14 billion in loan facilities facilitated
✅ Loan amounts ranging from LKR 500,000 to LKR 25 million
✅ Government guarantee covering up to 67% of the approved loan amount
✅ Annual risk premium ranging from 1% to 2% of the guaranteed amount
✅ Special focus on Agriculture, ICT, Tourism, Export-oriented and Women-owned/managed businesses
✅ Loans facilitated through 13 financial institutions across Sri Lanka

🤝 Supporting the SME Nexus National Strategic Framework

As part of the SME Nexus – National Strategic Framework of the Ministry of Industry and Entrepreneurship Development, IDB continues to play an active role in strengthening the programme by:

🔹 Training 700 Development Officers across the country to effectively raise awareness among entrepreneurs on the Credit Guarantee Scheme.

🔹 Providing recommendations, guidance and monitoring through the IDB District Office Network to facilitate entrepreneurs in accessing the scheme.

🔹 Finalizing the implementation of a Credit Readiness Programme, led by IDB, to prepare entrepreneurs for obtaining business finance and improving their bankability.

Through these initiatives, IDB continues to strengthen its commitment to developing a more competitive, technology-driven and innovation-led industrial sector in Sri Lanka.

According to Deputy Minister of Industry and Entrepreneurship Development, Chathuranga Abeysinghe, the programme aims to extend collateral-free loan facilities to an additional 1,000 entrepreneurs by the end of 2026.

Guided by our vision of "Beyond Development Towards Transformation," IDB remains committed to expanding financial access and building a stronger entrepreneurial ecosystem to accelerate Sri Lanka's industrial transformation.

👇 To learn more about the services, programmes and industrial development opportunities offered by the Industrial Development Board (IDB), visit the official website linked in the first comment.

Join this *FREE LIVE WEBINAR* and discover the mindset, strategies, and practical steps to transform from an employee in...
09/07/2026

Join this *FREE LIVE WEBINAR* and discover the mindset, strategies, and practical steps to transform from an employee into a successful entrepreneur.

🎙️ Speaker: Dr. Chamara Bandara – President, AAT Sri Lanka
🎤 Moderator: Mr. Tishanga Kumarasinghe – CEO, AAT Sri Lanka
📅 Date: 09 July 2026 🕖 Time: 7.00 PM – 8.00 PM 💻 Platform: Zoom

📲 Register now using the following link or scan the QR code in the post. *Registration Link: bit.ly/4v3EFal*

මහා විනාශයක් වළක්වා ගත් අභීත වීරයා වෙනුවෙන් පෙළ ගැසෙමු!ඊයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පාලනය කරගැනීමට හැකි වූයේ සි...
07/07/2026

මහා විනාශයක් වළක්වා ගත් අභීත වීරයා වෙනුවෙන් පෙළ ගැසෙමු!

ඊයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පාලනය කරගැනීමට හැකි වූයේ සිය ජීවිතය පරදුවට තබා පෙරමුණ ගත් මේ අභීත නිලධාරියා නිසාය.

​මහා විනාශයක් වැලැක්වීම:
බන්ධනාගාරයේ දොරටුව අභියස රැඳවියන් ආයුධ සහිතව ගැටුම් ඇති කරගනිමින් සිටියදී, කවුලුවක් හරහා වෙඩි තබා STF බළකායට ඇතුළු වීමට මග සලසා දුන්නේ මොහුය.

​ජීවිත රැසක් බේරා ගැනීම:
ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක නොවූවා නම්, රැඳවියන් සිය ගණනක් පිටතට පැමිණ මීගමුව නගරය තුළ මහා ලේ වැගිරීමක් සිදු වීමට තිබුණි. තුවාල ලැබූ නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ජීවිත පවා බේරා ගැනීමට හැකි වූයේ මොහුගේ දූරදර්ශී සහ නිර්භීත ක්‍රියාව නිසාවෙනි.

​තම රාජකාරියට එහා ගිය මානුෂීය මෙහෙවරක් ඉටු කළ, තවත් බොහෝ ජීවිත අවසන් වීමට තිබූ මොහොතක එය වළක්වා ගත් මේ නිලධාරියා අපට වීරයෙකි.

​අභීත වීරයන් වෙනුවෙන් පෙළ ගැසෙමු! 🇱🇰👮‍♂️





මූල්‍ය අර්බුදය මැද Odel සාප්පු 26ක් වසා දමයි; කොස්වත්ත ඉඩම කෝටි 150කට විකුණා දමයිකෝටි 1,935ක දැවැන්ත ඔඩෙල් මෝල් (Odel Ma...
05/07/2026

මූල්‍ය අර්බුදය මැද Odel සාප්පු 26ක් වසා දමයි; කොස්වත්ත ඉඩම කෝටි 150කට විකුණා දමයි

කෝටි 1,935ක දැවැන්ත ඔඩෙල් මෝල් (Odel Mall) ව්‍යාපෘතිය කෝටි 628 දක්වා සීමා කිරීමට පියවර

ආදායම් වාර්තා අලුත් කළත් වසර අවසානයේ Softlogic සමූහය කෝටි 879ක මහා පරිමාණ පාඩුවක
-
ගිණුම් පරීක්ෂකවරුන්ගේ (Auditors) බරපතළ අනතුරු ඇඟවීම් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) නිරීක්ෂණ ලැයිස්තුවට (Watchlist) ඇතුළත් කර ඇති Softlogic Holdings සහ එහි ප්‍රධාන වෙළෙඳ ජාලය වන Odel සමාගම, එම මූල්‍ය කඩාවැටීමෙන් ගොඩඒම සඳහා දියත් කර ඇති දැවැන්ත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක නවතම තත්ත්වයන් අද (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවදානම (Ongoing concern) හේතුවෙන් කළු ලැයිස්තුවට වැටුණු මෙම සමාගම් ද්විත්වයට එම ගැටලු විසඳා ගැනීමට මාස 15ක සහන කාලයක් හිමිව ඇත.

Odel ජාලයේ දැඩි පිරිවැය පාලනය සහ දේපළ විකිණීම

Softlogic සමූහයට 98.79%ක අයිතියක් ඇති Odel සමාගම, සිය බැංකු ණය පහසුකම්වලින් 90%ක්ම ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන ඇති අතර මූල්‍ය පීඩනය අවම කරගැනීමට දැඩි තීන්දු රැසක් ගෙන ඇත.

දේපළ පැවරීම සහ ණය හිලව්ව:
Odel සතු කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩම් කොටසක් රුපියල් බිලියන 1.5කට (කෝටි 150ක) මුදලට විකුණා දමා ඇති අතර, සමාගම් අභ්‍යන්තරව ලබාගෙන තිබූ රුපියල් බිලියන 3.2ක ණය මුදලක් කොටස් ප්‍රාග්ධනයක් (Equity) බවට පරිවර්තනය කර තිබේ.

සාප්පු වැසීම සහ ව්‍යාපෘති හැකුලීම:
දිගින් දිගටම පාඩුවැති වූ Odel සන්නාමය යටතේ පැතිර තිබූ වෙළෙඳසැල් 26ක් මුළුමනින්ම වසා දමා ඇත. මීට අමතරව, කලින් රුපියල් බිලියන 19.35ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ දැවැන්ත 'ඔඩෙල් මෝල්' (Odel Mall) ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් බිලියන 6.28 දක්වා සීමා කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Softlogic සමූහයේ ආදායම් සහ ණය බරෙහි යථාර්ථය

ප්‍රාග්ධන මුදල් සපයා ගැනීම සඳහා සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක කොටස් නිකුතුවෙන් දැනටමත් බිලියන 2.03ක් උපයාගෙන ඇති අතර, ලබන සැප්තැම්බර් මාසය වන විට තවත් බිලියන 1.2ක් බලාපොරොත්තු වන බව සමූහය පවසයි.

ආදායම් ඉහළ යාම:
2026 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා Softlogic සමූහයේ සමස්ත ආදායම 24%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 128.4ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර, බදු පෙර ආදායම (EBITDA) 55%කින් (බිලියන 16 දක්වා) වර්ධනය වී ඇත. 'Minor Hotel’ NH' ලෙස ප්‍රතිසන්නාමකරණය කළ හෝටල් ක්ෂේත්‍රයේ පාඩුව ද බිලියන 3.7 සිට 2.3 දක්වා අඩු කරගැනීමට සමූහය සමත් වී තිබේ.

වැඩි වූ පාඩුව සහ ණය කන්ද:
ආදායම් වර්ධනය වුවද, පසුගිය වසරට වඩා 42%ක ඉහළ යාමක් පෙන්වමින් සමූහයේ ශුද්ධ පාඩුව රුපියල් බිලියන 8.79ක් (කෝටි 879ක්) ලෙස සටහන් වේ. තවද, සමූහය සතුව රුපියල් බිලියන 45.99ක දිගුකාලීන පොලී සහිත ණය සහ රුපියල් බිලියන 43.67ක ජංගම මූල්‍ය වගකීම් පවතින බව මූල්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම නිවේදනත් සමඟ අද දින කොටස් වෙළෙඳපොළ වසා දමන විට Softlogic Holdings කොටසක මිල 1.71%කින් පහළ බැස රුපියල් 11.50ක් ලෙසත්, Odel කොටසක මිල 2.54%ක වර්ධනයක් සමඟ රුපියල් 12.10ක් ලෙසත් සටහන් විය.

# # Copied from The Leader.lk # #
゚viral

🚀රුපියල් බිලියන 195 ඉක්මවන ධම්මික පෙරේරාගේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹ...📊ප්‍රමුඛ පෙළේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන් ධම්මික...
04/07/2026

🚀රුපියල් බිලියන 195 ඉක්මවන ධම්මික පෙරේරාගේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹ...

📊ප්‍රමුඛ පෙළේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන් ධම්මික පෙරේරා මහතාගේ කොටස් වෙළඳපොළ තුල සියආයෝජන එකතුව (Stock Portfolio) පිළිබඳ නවතම දත්ත වාර්තාවක් CSEPal.lk මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

(දත්ත යාවත්කාලීන කිරීම: 2026 මාර්තු 31 දිනට)

මේ අනුව ධම්මික පෙරේරා මහතාගේ කොටස් වෙළෙඳපොළ සමාගම් හි සම්පූර්ණ ආයෝජන වටිනාකම: රුපියල් බිලියන 195.06 ක් පමණ වන (LKR 195.06Bn) අතර සමාගම් 13ක් යටතේ විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් ඔහු සතුව ඇත.

Top Holdings :

🟢 Hayleys PLC (HAYL.N) - සමස්ත ආයෝජනයෙන් 49% ක් (රුපියල් බිලියන 96.41)

🔵 Vallibel One PLC (VONE.N) - සමස්ත ආයෝජනයෙන් 36% ක් (රුපියල් බිලියන 69.55)

🟣 Pan Asia Banking Corporation PLC (PABC.N) - 3.7% (රුපියල් බිලියන 7.29)

🟠 East West Properties PLC (EAST.N) - 3.3% (රුපියල් බිලියන 6.47)

🔴 Nawaloka Hospitals PLC (NHL.N) - 2.9% (රුපියල් බිලියන 5.71)

🔵 Vallibel Finance PLC (VFIN.N) - 2.7% (රුපියල් බිලියන 5.32)

සමස්ත වටිනාකමෙන් 85% ක් Hayleys සහ Vallibel One සමාගම් ද්විත්වය සතු වීම විශේෂත්වයකි.

📊 Source : CSEPal.lk

04/07/2026
ඔයා ජනගහනයෙන් 99% වඩා ඉදිරියෙන්ද​මෙහි දක්වා ඇති ප්‍රධාන කරුණු 6 මෙසේය:​ගැඹුරු වැඩ (Deep Work): පරිගණකයක් අසල වාඩි වී සිට...
04/07/2026

ඔයා ජනගහනයෙන් 99% වඩා ඉදිරියෙන්ද

​මෙහි දක්වා ඇති ප්‍රධාන කරුණු 6 මෙසේය:

​ගැඹුරු වැඩ (Deep Work): පරිගණකයක් අසල වාඩි වී සිටින පුද්ගලයෙකුගේ චිත්‍රයකින් දැක්වෙන්නේ, දිනකට අවධානය වෙනතකට යොමු නොකර පූර්ණ අවධානයෙන් යුතුව (Deep work) පැය 4ක් වැඩ කරන ලෙසයි.

​ඇවිදීම: සූර්යයා සහ ගස් පවතින පරිසරයක ඇවිදින පුද්ගලයෙකුගේ චිත්‍රයෙන් දැක්වෙන්නේ, දිනකට පියවර 10,000ක් ඇවිදින ලෙසයි.

​ව්‍යායාම කිරීම: බාබෙල් (Barbell) එකක් ඔසවන පුද්ගලයෙකුගේ චිත්‍රයෙන් දැක්වෙන්නේ, සතියකට 3 වතාවක් ව්‍යායාම කරන ලෙසයි.

​මුදල් ඉතිරි කිරීම: කාසි පිරවූ වීදුරු බෝතලයක් සහ ඒ මත වැඩෙන කුඩා පැළයකින් දැක්වෙන්නේ, තමන්ට ලැබෙන සෑම වැටුපකින්ම 20%ක් ඉතිරි කරන ලෙසයි.

​ප්‍රමාණවත් නින්ද: ඇඳක නිදා සිටින පුද්ගලයෙකු සහ ජනේලයෙන් පෙනෙන රාත්‍රී අහසින් දැක්වෙන්නේ, රාත්‍රියකට පැය 8ක සුවදායක නින්දක් ලබා ගන්නා ලෙසයි.

​පොත් කියවීම: ලාම්පු එළියකින් සෝෆාවක වාඩි වී පොතක් කියවන පුද්ගලයෙකුගේ චිත්‍රයෙන් දැක්වෙන්නේ, දිනකට පොත් පිටු 10ක් කියවන ලෙසයි.

©️masterwanni

💛
03/07/2026

💛

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Yasanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supun Yasanka:

Share