Kanchana Wanigabadhu

Kanchana Wanigabadhu Senior Business Promotion Executive

30/05/2026
පැළයක් ගහක් වෙනකං,ගහක් කැලෑවක් වෙනකං,ඉවසගෙන ඉන්න පුළුවන් නම්ඔයා ජීවිතය ජයගත් කෙනෙක්!
20/05/2026

පැළයක් ගහක් වෙනකං,
ගහක් කැලෑවක් වෙනකං,
ඉවසගෙන ඉන්න පුළුවන් නම්
ඔයා ජීවිතය ජයගත් කෙනෙක්!

හරිම තැන තෝරගන්න අයට හැම අවුරුද්දම සුබයි! ලැබුවාවූ අලුත් අවුරුද්දේ ඔබ සැමට ජයෙන් ජයම වේවා 🙏 #හරිතැන  #හරියනතැන  #සදාහරිත...
21/04/2026

හරිම තැන තෝරගන්න අයට හැම අවුරුද්දම සුබයි!
ලැබුවාවූ අලුත් අවුරුද්දේ ඔබ සැමට ජයෙන් ජයම වේවා 🙏
#හරිතැන #හරියනතැන #සදාහරිත ♻️✔️

රුහුණ විශ්වවිද්‍යාලය සහ සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නවෝත්පාදනය සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිස...
18/04/2026

රුහුණ විශ්වවිද්‍යාලය සහ සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නවෝත්පාදනය සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය, තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් නංවාලීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අතර අවබෝධතා ගිවිසුමකට නිල වශයෙන් අත්සන් තැබීම පසුගිය දිනක සිදුකරනු ලැබුවා.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණ වන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය පර්යේෂණ, ප්‍රායෝගික කර්මාන්ත යෙදවුම් සඳහා සක්‍රීයව දායක කරගැනීමයි. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වන නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පර්යේෂණ සහ සංවර්ධනය කෙරෙහි මෙම ගිවිසුම මගින් දැඩි අවධානයක් යොමු කෙරේ.

විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික ඉංජිනේරු සහ පාරිසරික තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ මුලපිරීම හරහා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ යාන්ත්‍රිකකරණය දියුණු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අපේක්ෂා කරයි. මෙම අවබෝධතා ගිවිසුම මගින් පාර්ශවයන් දෙකටම යන්ත්‍රෝපකරණ මත පදනම් වූ පර්යේෂණ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සහ නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට ශක්තිමත් සහ විධිමත් රාමුවක් සපයයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය හා ඉංජිනේරු විශිෂ්ඨත්වය, සදාහරිත ප්ලාන්ටේෂන්ස් සමාගමේ කර්මාන්ත විශේෂඥතාව සමඟ ඒකාබද්ධ කිරීමෙන්, නවීන කෘෂිකාර්මික අභියෝග සඳහා දේශීය, නව්‍ය ඉංජිනේරු විසඳුම් හඳුන්වා දීමට මෙම හවුල්කාරිත්වය සූදානම් වේ.

මෙම ඓතිහාසික ගිවිසුම සඳහා ආයතන දෙක නියෝජනය කරමින් පහත සඳහන් නිලධාරී මහත්වරුන් විසින් අත්සන් තබන ලදී:

රුහුණ විශ්වවිද්‍යාලය වෙනුවෙන්: උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. වයි. ජයසිංහ මහතා සාක්ෂිකරුවෙකු ලෙස එක්විය.

සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් වෙනුවෙන්: මූල්‍ය සහ සැලසුම් අධ්‍යක්ෂ, ආර්. ඒ. සමන් මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර, සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් හි සහකාර සාමාන්‍යාධිකාරී (AGM), ඒ. සී. බී. කරුණාතුංග මහතා සාක්ෂිකරුවෙකු ලෙස එක්විය.

මෙම සහයෝගීතා ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රිකකරණයේ ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, ජාතික වැවිලි ආර්ථිකයේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයේ තීරණාත්මක කාර්යභාරය මනාව ඉස්මතු කරනු ඇත.

14/04/2026

ගනු දෙනු නැකතට කාටත් කලින් මිහිමවට පැළයක් දෙන්න
#සදාහරිත #ගනුදෙනු

14/04/2026

ආයු වර්ණ සැප බල වැඩිවේවා - බත බුලතින් කෙත් සාර කෙරේවා
අටු කොටු පිරි ධන වර්ධන වේවා - ලොවකට සාමයේ අගය දැනේවා

ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

#සදාහරිත

30/03/2026

මේ දවස්වල පවතින දැඩි අව් රශ්මිය අපිව වගේම සත්තුන්වත් පීඩාවට පත් කරනවා. ඉතින්... එයාලා වෙනුවෙනුත් ඔයාගේ ගෙදර ඉස්සරහ ජල බඳුනක් තියන්න කාරුණික වෙමු!
#සත්තුන්ටආදරෙයි #සතුන්වෙනුවෙන් #ජලයජීවයයි #සදාහරිත

" යමෙකු අද දින ගසක් යට සිසිලසක් ලබයි නම්,ඒ යමෙකු බොහෝ කලෙකට ඉහත එම ගස එතන පැල කල නිසාවෙනි"- Warren Buffet -       💚
23/03/2026

" යමෙකු අද දින ගසක් යට සිසිලසක් ලබයි නම්,ඒ යමෙකු බොහෝ කලෙකට ඉහත එම ගස එතන පැල කල නිසාවෙනි"

- Warren Buffet -


💚

21/03/2026

කටුගෙට යන්නට පෙර...
පණ මෙන් රකිමු වනාන්තර!

මාර්තු 21.
ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි.
#සදාහරිත #වනාන්තරදිනය

Address

No 423, Colombo Road
Boralesgamuwa
10290

Alerts

Be the first to know and let us send you an email when Kanchana Wanigabadhu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kanchana Wanigabadhu:

Share