20/06/2026
සාර්ථක මූල්‍ය සැලැස්මකදී (Financial Plan) අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු පියවර මොනවාද? 📊
මූල්‍ය සැලසුම්කරණය කියන්නේ හුදෙක් සල්ලි ඉතිරි කරන එකම නෙවෙයි. සම්පූර්ණ මූල්‍ය සැලැස්මක් හැදෙන්නේ මේ ප්‍රධාන පියවර 6 එකිනෙකට සම්බන්ධ කිරීමෙනුයි.
💰 1. මුදල් ගලනය කළමනාකරණය (Cash Flow Planning)
අපේ මාසික ආදායම සහ වියදම් හරියටම හඳුනාගෙන, අනවශ්‍ය වියදම් කපා හැරලා අනාගතයට මුදලක් ඉතිරි කරගන්නා පළමු පියවර මෙයයි. ඉතිරි කිරීමක් නැතුව ආයෝජනයක් කරන්න බැහැ.
🛡️ 2. රක්ෂණ සැලසුම්කරණය (Insurance Planning)
ජීවිතයේ අහඹු ලෙස සිදුවිය හැකි ලෙඩ රෝග, අනතුරු හෝ හදිසි වියෝවකදී ඔබේ පවුල මූල්‍යමය වශයෙන් කඩා වැටීම වළක්වා ගැනීමට නිවැරදි ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගැනීම මෙයින් අදහස් වෙනවා. එය ඔබේ මූල්‍ය සැලැස්මේ ආරක්ෂිත පලිහයි.
📈 3. ආයෝජන සැලසුම්කරණය (Investment Planning)
නිකම්ම ඉතිරි කරන මුදල් බැංකුවේ තියෙනවාට වඩා, උද්ධමනයට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි කොටස් වෙළඳපොළ (Stock Market), Unit Trust ,Gold , Business වැනි නිවැරදි තැන්වල ආයෝජනය කර ඔබේ ධනය වර්ධනය කරගැනීම.
🏖️ 4. විශ්‍රාම සැලසුම්කරණය (Retirement Planning)
වයසට ගොස් වැඩ කිරීමට අපහසු කාලයක් පැමිණි විට දරුවන්ට හෝ වෙනත් අයට බරක් නොවී, තමන්ගේම ආදායමකින් ස්වාධීනව ජීවත් වෙන්න දැන් සිටම මූල්‍ය පසුබිමක් සකස් කිරීම.
📝 5. බදු සැලසුම්කරණය (Tax Planning)
නීත්‍යානුකූලව අපට හිමිවන සහන ප්‍රයෝජනයට ගනිමින්, ගෙවීමට ඇති බදු මුදල් අවම කරගෙන අපේ ලාභය සහ ඉතිරිය වැඩි කරගන්නා ක්‍රමය.
🏠 6. දේපල කළමනාකරණය (Estate Planning)
ජීවිත කාලය පුරාම මහන්සියෙන් උපයා ගත් දේපල සහ වත්කම්, ඔබ නැති දවසක කිසිම ගැටලුවක් නොමැතිව ඔබට අවශ්‍ය ඔබේ ආදරණීයයන්ට පවරා දීමට නීත්‍යානුකූලව කටයුතු සූදානම් කිරීම.
මෙය ගොඩක් අය අවධානය යොමු නොකරන දෙයක්. මේ නිසාම පවුල් වල විවිධ ප්‍රශ්න මතුවේ.
මේ දේවල් හරියටම ප්ලෑන් කරන්නේ කොහොමද කියලා මුල ඉඳන් ඉගෙන ගන්න Growithinvesting අපිත් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන්. 💡
විශේෂයෙන්ම ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම Life Insurance (ජීවිත රක්ෂණයක්) තෝරාගන්නා ආකාරයත්, නිවැරදිව කොටස් වෙළඳපොළ (Stock Market) ආයෝජනය ආරම්භ කරන ආකාරයත් අපි ඔබට පියවරෙන් පියවර උගන්වනවා.
අපගේ අරමුණ ඔබට කොටස් නිර්දේශ කිරීම (Recommendations) නොව, නිවැරදි වෙළඳපොළ විශ්ලේෂණය (Market Analysis) හරහා තනිවම ආයෝජන තීරණ ගැනීමට ඔබව දැනුවත් කිරීමයි! 📈
නිවැරදි මූල්‍ය අධ්‍යාපනයක් සමගින් අදම ඔබේ ගමන අරඹන්න. වැඩි විස්තර සඳහා අපට Message එකක් (Inbox) එවන්න. 📩
0740969004 Whatsapp