මගෙ දිවියට ධම්මපදය

මගෙ දිවියට ධම්මපදය "ධර්මයෙන් සිත නිවන්න... ජීවිතය ආලෝකමත් කරන්න." 🌼

🙏 මගෙ දිවියට ධම්මපදය වෙත සාදරයෙන් පිළිගනිමු.

ධම්මපදයේ අගනා ගාථා, බුදු දහමේ ජීවිතයට ගැළපෙන ආදර්ශ, සිත සන්සුන් කරන ධර්ම පණිවිඩ සහ දෛනික ජීවිතයට ප්‍රයෝජනවත් ධර්ම කරුණු ඔබ වෙත ගෙන එන පිටුවකි.

03/07/2026
ඵන්‍දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයංඋජුං කරොති මෙධාවී උසුකාරො’ව තෙජනං.නොයෙක් අරමුණෙහි සැලෙන, (එක් අරමුණෙක නොපිහිටන හෙ...
02/07/2026

ඵන්‍දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං

උජුං කරොති මෙධාවී උසුකාරො’ව තෙජනං.

නොයෙක් අරමුණෙහි සැලෙන, (එක් අරමුණෙක නොපිහිටන හෙයින්) චපල වූ (අනවස්ථිත වූ), රක්නට දුෂ්කර වූ, (දුසිරිත් කෙරෙන් වළක්වන්නට දුෂ්කර වූ) සිත නුවණැත්තේ ඍජු කරන්නේ ය. හීවඩුවා හීදංඩක් ඇද මැඩ ඉදි කරන්නාක් මෙනි.

ස්වාමිදරු වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ එක් කලෙක වාලිකානුවර අසල වාලිකාපව්වෙහි කරවනලද මහාවිහාරයෙහි වැඩ වාසය කරණ සේක. එකල...
02/07/2026

ස්වාමිදරු වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ එක් කලෙක වාලිකානුවර අසල වාලිකාපව්වෙහි කරවනලද මහාවිහාරයෙහි වැඩ වාසය කරණ සේක. එකල බුදුරජානන් වහන්සේට උපස්ථාන කළෝ, මේඝියස්ථවිරයන් වහන්සේ ය. දිනක් බුදුරජුන් වෙත එළැඹ සිටි උන්වහන්සේ බුදුරජුන් වැඳ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම පිඬු පිණිස ජන්තුග්‍රාමයට යනු කැමැත්තෙමි, ඊට අවසරැ’ යි අවසර ඉල්ලා සිටියාහ. බුදුරජානන් වහන්සේ ඔහුට ඒ පිණිස අවසර දුන්හ. ඉක්බිති මේඝියස්ථවිරයන් වහන්සේ පෙරවරුයෙහි සකසා හැඳ පෙරවැ පා සිවුරු ගෙණ ජන්තුග්‍රාමයට පිඬු පිණිස වැඩියහ. එහි පිඬු සිඟා පිණ්ඩපාතයෙන් හැරී අවුත් පස්වරුයෙහි කිමිකාලාගංඉවුරට වැඩියෝ ය. කෙණ්ඩා විඩා දුරු කරන්නට එහි ඔබිනොබ හැසිරෙන්නෝ, සිත්කලු අඹඋයනක් දැක ‘මේ උයන සිත් ගන්නේ ය, ජනසමාජයෙන් ඈත්ව මහණදම් පුරන්නහුට ඉතා කදිම තැන ය, බුදුරජානන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම මහණදම් පුරන්නට මෙහි එන්නෙමි’ යි සිතා බුදුරජුන් වෙත ගොස් වැඳ ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! අවසර, මම පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙණ ජන්තුග්‍රාමයට පිඬු සිඟා ගියෙමි, සිඟා අවසන් කොට විඩා සංසිඳු වන්නට සිතා පස්වරුයෙහි කිමිකාලාගංඉවුරට පැමිණියෙමි, එහි ටිකක් එහා මෙහා යන්නේ අඹ උයනක් දුටුයෙමි, ඒක නම් මහණදම් පුරන්නට ඉතා කදිම තැන ය, සිත්කලු ය, බුදුරජානන් වහන්සේ අනුදන්නා සේක් නම්, මහණදම් කරන්නට මෙහි එමි, යි මට සිත් විය, එහෙයින් බුදුරජානන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම එහි යන්නෙමි’ යි දන්වා සිටියහ.

එවිට බුදුරජානන් වහන්සේ බලා වදාරන සේක්, මේඝිය තෙරුන්ගේ නුවණ මෝරා නො ගියබව දැන ගමන වළකන්නට ‘මේඝිය! පොඩ්ඩක් බලාපොරොත්තු වන්න, තමුසේ ගියාම මම තනි වෙමි, අනික් නමක් එනතුරු ටිකක් නවතින්නැ යි වදාළ සේක. (මෙ තෙමේ ගොස් කටයුතු නො සිදු වූ කල්හි නිරාශඞ්ක ව ප්‍රේමවශයෙන් නැවැත එන්නේ ය යි දැන මොහුගේ සිතෙහි මොළොක්ඛව උපදවන්නට මෙසේ වදාළ සේක) මේඝියස්ථවිරයන් වහන්සේ දෙවනු ද ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඉදිරියෙහි කළ යුතු කිසිවක් බුදුපියානන් වහන්ස්ට නැත, වැඩූමග නැවැත නො වඩන සේක, ප්‍රහීණ කළ කෙලෙසුන්ගේ නැවැත ප්‍රහාණයකුත් නැත, ස්වාමීනි! මට එසේ නො වේ, ඉදිරියෙහි කළ යුතු වැඩ මට ඇත්තේ ය, මා ආර්‍ය්‍යමාර්‍ගය අවබෝධ නො කළ බැවින් ආර්‍ය්‍යමාර්‍ගයාගේ වැඩීම කැමැති විය යුතු ය, එහෙයින් බුදුරජානන් වහන්සේ අවසර දෙන සේක් නම්, මම මහණදම් කරන්නට ඒ අඹ උයනට යන්නෙමි’ යි කීහ. බුදුරජානන් වහන්සේ එ වරද ‘මේඝිය! පොඩ්ඩක් ඉන්න, මම තනි වෙමි, අනික් නමක් එනතුරු’ යි වදාළ විට, මේඝියස්ථවිරයන් වහන්සේ තෙවන වරත් පළමු ලෙසින් කරුණු කියා යන්නට අවසර ඉල්ලූහ. බුදුරජානන් වහන්සේ ඒ තෙවනවර ‘මේඝිය! මහණදම් කරමි යි කියන්නහුට අපි අන් කුමක් කියමු ද, තමුසේ ම එයට කල් දත යුතු ය’ යි වදාළ විට හුනස්නෙන් නැගිට බුදුරදුන් වැඳ පැදකුණු කොට අඹඋයනට ගොස් එහි එක්තරා ගස්මුලෙක දිවාවිහරණය පිණිස වැඩහුන්හ.

මේඝියතෙරුන් දිවාවිහරණයට හුන් එ තැන, තමන් පිළිවෙළින් ජාති පන්සියයක් ම රජ ව උයන් කෙළි කෙළිමින් නන් වැදෑරුම් නළඟනන් පිරිවරා හුන් තැන විය. එ හෙයින් ඒ තැන හුන් තෙරුන්ට තම මහණදම් අතුරුදහන් ව ගියා සේ ද, රජවෙස් ගෙණ නළඟනන් පිරිවරා සේසතයට මාහැඟි රජඅසුනෙහි හුන්නහු සේ ද වැටහින. එ කෙණහි ඔහු සිතැ කාමවිතර්‍කයෙක් උපන. ඒ හා ම උන්වහන්සේ, බඩු සහිත ව අල්ලා ගත් සොරුන් දෙ දෙනකුන් ඉදිරියට පමුණුවා සිටියවුන් සේ දුටහ. එ කෙණෙහි උන් අතුරෙන් එකක්හට වධය නියමකිරීම් වශයෙන් ව්‍යාපාදවිතර්‍කය උපන. එකක්හට හිරදඬුවම් නියමකිරීම් වශයෙන් විහිංසාවිතර්‍කය උපන. එකල මේඝියස්ථවිරයන් වහන්සේ වැල්ගොඩකින් වෙළුනු ගසක් සේ ද, මීමැස්සන් විසින් වට කර ගත් මී කඩන්නකු සේ ද, අකුශලවිතර්‍කයන් විසින් වට කොට ගන්නා ලදහ. ‘මම ගිහි ගෙයින් නික්ම මේ සසුනෙහි පැවිදි වූයේ ශ්‍රද්ධාවෙන් ම ය, එසේ වුවත් ලාමකඅකුශලවිතර්‍කයෝ මා වට කොට ගත්හ, දැන් මෙහි මහණදම් කරන්නට නො හැකි ය, දීර්‍ඝදර්ශී වූ බුදුරජානන් වහන්සේ ඒකාන්තයෙන් මේ දැන වදාරා මාගේ ගමන වැළකූ සේක, එහෙයින් උන්වහන්සේට මෙය දැන්විය යුතු ය දන්වමි’ යි හුන් තැනින් නැගිට බුදුරජුන් වෙත එළැඹැ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මා අඹඋයනෙහි දිවාවිහරණය පිණිස හුන් හැටියේ ම ලාමකඅකුශලවිතර්‍කයෝ මා වට කොට ගත්හ, එවිට මට ‘මම පැවිදි වූයෙම් ශ්‍රද්ධාවෙන් ම ය, එහෙත් ලාමකඅකුශලවිතර්‍කයෝ මා වට කොට ගත්හ යි මට සිත් වී ය’ යි දන්වා සිටියහ.

ඉක්බිති බුදුරජානන් වහන්සේ තමන් වෙත පැමිණි මේඝිය තෙරුන් අමතා, ‘ඔය තැන විසින් කරණ ලද්ද ඉතා බැරෑරුම් ය, එය සුලු වැඩෙක් නො වේ, බලගතු ය, මේඝිය තව ටිකක් නවතින්න, මම තනි වෙමි, අනික් නමක් එනතුරු පොඩ්ඩක් ඉවසන්නැයි කියද්දිත් මා තනි කොට හැරදමා ගියහු ය, එසේ ගිය මහණ, සිතට යටත්වීම යුතු නැත, සිත ඉතා සැහැල්ලු ය, එය තම වසඟයට ගත යුතු ය’ යි දක්වන්නට මේ ධර්‍මදේශනාව කළ සේක:-

"මගෙ දිවියට ධම්මපදය" යනු ජීවිතයට ආලෝකය ගෙනෙන බුදු දහමේ අගනා ධර්ම ග්‍රන්ථයක් වන ධම්මපදය පිළිබඳ දැනුම සහ ප්‍රඥාව බෙදාහදා ග...
02/07/2026

"මගෙ දිවියට ධම්මපදය" යනු ජීවිතයට ආලෝකය ගෙනෙන බුදු දහමේ අගනා ධර්ම ග්‍රන්ථයක් වන ධම්මපදය පිළිබඳ දැනුම සහ ප්‍රඥාව බෙදාහදා ගැනීම සඳහා නිර්මාණය කළ පිටුවකි.

ජනප්‍රවාදවල සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ අභිමානවත් ජාතික වීරයෙකු වූ කැප්පෙටිපොළ නිලමේතුමා පවා තමන් සමීපයේ තබාගෙන ඇසුරු කළ පුංචි පුස්කොළ පොතක් වූයේ ධම්මපදය බව කියැවේ. එහි ගාථා සියවස් ගණනාවක් පුරා මිනිස් සිත් නිවාලමින්, යහපත් ජීවිතයකට මඟ පෙන්වා ඇත.

මෙම පිටුව ඔස්සේ ධම්මපද ගාථා, ඒවායේ අර්ථ, ජීවිතයට ගත හැකි වටිනා පාඩම් සහ සිත සන්සුන් කරන ධර්ම පණිවිඩ ඔබ වෙත නිරන්තරයෙන් ගෙන එන්නෙමු.

"ධම්මපදය කියවන්න... තේරුම් ගන්න... ජීවිතයට එක්කරගන්න." 🙏🌼

පිට කවරෙන් පොත් වල විචාර ලියන්න එපා.. මුව වසා ඉන්න එකමයි වටින්නෙ..🙏
15/12/2023

පිට කවරෙන් පොත් වල විචාර ලියන්න එපා.. මුව වසා ඉන්න එකමයි වටින්නෙ..🙏

තාත්තා වෙනුවෙන් ❤️ 500ක් එන්න කොච්චර වෙලා යයිද? නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍
27/11/2023

තාත්තා වෙනුවෙන් ❤️ 500ක් එන්න කොච්චර වෙලා යයිද?

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍

Address

Colombo

Telephone

+94772857713

Website

Alerts

Be the first to know and let us send you an email when මගෙ දිවියට ධම්මපදය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share