Wealth Manager

Wealth Manager Wealth management = growing + protecting + transferring your money with a plan.
(1)

Before the match: Kamil Mishara receives his Test cap from Angelo Mathews. 🧢🇱🇰During the match: Angelo Mathews receives ...
23/08/2026

Before the match: Kamil Mishara receives his Test cap from Angelo Mathews. 🧢🇱🇰

During the match: Angelo Mathews receives the microphone from Harsha Bhogle. 🎙️🔥

One day, two special moments

08/08/2026
අවුරුදු 24කට පස්සේ… ශ්‍රී ලංකාවට ක්‍රිකට් නොවන ක්‍රීඩාවකින් ලෝක අංක 1 ක්‍රීඩකයෙක් බිහි වෙලා තියෙනවා. ක්‍රීඩකයෙකුට ජීවිතය...
08/08/2026

අවුරුදු 24කට පස්සේ… ශ්‍රී ලංකාවට ක්‍රිකට් නොවන ක්‍රීඩාවකින් ලෝක අංක 1 ක්‍රීඩකයෙක් බිහි වෙලා තියෙනවා.

ක්‍රීඩකයෙකුට ජීවිතයේ ලබාගත හැකි ඉහළම ගෞරවය වන්නේ…

🌍 ලෝකයේ අංක 1 වීම.

ශ්‍රී ලංකාව මේ ගෞරවය මීට පෙර අත්විඳලා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණයි.

🏏 2002 – මුත්තයියා මුරලිදරන් ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා විය.

🏏 2009 – කුමාර් සංගක්කාර ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා බවට පත් විය.

🏏 2009 – මහේල ජයවර්ධනත් ලොව අංක 1 ටෙස්ට් පිතිකරු ලෙස ශ්‍රී ලංකාවේ නාමය ලෝකයේ ඉහළට ඔසවා තැබීය.

2026…

🎯 රුමේෂ් තරංග පතිරණ
🇱🇰 ලෝක මලල ක්‍රීඩා ජැවලින් ශ්‍රේණිගත කිරීම්හි අංක 1.

වසර 24කට පසු… ක්‍රිකට් පිටියෙන් එහා ගිය ශ්‍රී ලාංකිකයෙක්, මුළු ලෝකයේම අංක 1 බවට පත්වෙලා තියෙනවා.

මේක රුමේෂ්ගේ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි…ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අලුත් යුගයක ආරම්භයයි. ❤️🇱🇰

*තෙල් නැති වාහනයක ඔයාට දුර ගමනක් යන්නට බෑනෙ . . .*ඉතින් *වියදම් ඔක්කොම කරලා මුදල් අවසන් උනාම* කොහොමද ඉතිරි කරන්නෙ.ඊටපස්ස...
08/08/2026

*තෙල් නැති වාහනයක ඔයාට දුර ගමනක් යන්නට බෑනෙ . . .*

ඉතින් *වියදම් ඔක්කොම කරලා මුදල් අවසන් උනාම* කොහොමද ඉතිරි කරන්නෙ.

ඊටපස්සෙ මට වියදම් වැඩී කියලා Complain කරලා හරියන්නෙ නෑ.

*ආදායම ලැබුන ගමන් අවමය 10% ක් වත් ඉතිරි කරන්න.* ඉතිරියෙන් වියදම් ටික කළමනාකරණය කරගන්න.

ඔයාගෙ මුලු *මූල්‍ය ජීවිතයම වෙනස් වෙන රහස* තියෙන්නෙ එතන.

*පුංචි ප්‍රමාණයක් හෝ ඉස්සරහට යන එක වැදගත් . . .*ඔයා හැමදාම එකම දැනුම් මට්ටමක් නම් Maintain කරන්නෙ, *ඔයා ජීවිතේ හැමදාම ඉන...
08/08/2026

*පුංචි ප්‍රමාණයක් හෝ ඉස්සරහට යන එක වැදගත් . . .*

ඔයා හැමදාම එකම දැනුම් මට්ටමක් නම් Maintain කරන්නෙ, *ඔයා ජීවිතේ හැමදාම ඉන්නෙ එකම තැන.*

ඒ වෙනුවට ඔයා කරන්න ඕනෙ *0.1% කින් හෝ දවස ගානෙ අලුත් දෙයක් ඉගෙනගන්න එක.*

ඒක භාවිතයෙන් *ඔයාගෙ ජීවිතය පුංචි පියවරකින් හෝ ඉදිරියට* අරගෙන යන එක.

මුදල් වර්ධනය සඳහාත් *සාර්ථකවම වැඩ කරන Strategy එක* තමයි මේක. 0.1% Better Everyday.

*Better to hang out with knowledge . . .*ඔයාගෙ *පරිසරය තමයි ඔයාගෙ හෙට දවස තීරණය කරන* බලවත්ම සාදකය.ඉතින් ඒ නිසා *ඔයාගෙ Ci...
08/08/2026

*Better to hang out with knowledge . . .*

ඔයාගෙ *පරිසරය තමයි ඔයාගෙ හෙට දවස තීරණය කරන* බලවත්ම සාදකය.

ඉතින් ඒ නිසා *ඔයාගෙ Circle එක මොන වගේ පිරිසකගෙන් සහ මොනවගේ දේවල් වලින්ද සමන්විත කරගන්නෙ* කියන එක ගැන සැලකිලිමත් වෙන්න.

මුදල් වලින් දිනන්න අවශ්‍ය නම්, ඒ පිළිබඳ *දැනුමෙන්, ඒ ගැන කතා කරන අයගෙන්* ඔයාගෙ වටපිටාව පුරවගන්න.

*Good Morning Investors 🩵*

*🧩 පසුගිය සතියෙ කොළඹ කොටස් වෙළෙඳපොළේ උන ලොකුම Crossings . . .*පළමු දිනයේ *කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළ නංවමින්* සමස්ත ක...
08/08/2026

*🧩 පසුගිය සතියෙ කොළඹ කොටස් වෙළෙඳපොළේ උන ලොකුම Crossings . . .*

පළමු දිනයේ *කොටස් වෙළෙඳපොළ දර්ශක දෙකම ඉහළ නංවමින්* සමස්ත කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම ඉතා ඉහළ අංකයකට අරගෙන යන්න *පසුගිය දින දෙකේ සිදුවූ මේ Crossing ගනුදෙනු* වලට හැකියාව ලැබුනා.

ඉතින් මේ වෙළෙඳපොළ පිරිවැටුම නිර්මාණය කරන්න *Rs. 4 Billion ක දායකත්වයක් ලබා දුන්නේ Cargills සමාගමේ 🏛️* සිදුවූ Shares Crossing එක.

මීට අමතරව *Hayleys, Lanka Realty Investment, COMB & LMF* යන සමාගම් වලින්ද පිළිවෙනින් රුපියල් බිලියන දෙක, මිලියන 37.8, මිලියන 25 සහ මිලියන 25 ලෙස *කොටස් ගනුදෙනු Shares Crossings ලෙස සම්පූර්ණ වෙනවා* අපිට බලාගන්න පුළුවන් උනා. _(Source : island . lk)_

මීළඟට *දෙවන දිනයේදී* කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම *රුපියල් බිලියන 12 කියන සීමාවද පසු කර යන්න* සැලකියයුතු දායකත්වයක් ලබාදුන් ගනුදෙනුවක් වෙන්නෙ *Commercial Credit and Finance PLC සමාගමේ සිදුවූ Crossing ⛓️‍💥* එක.


_ඉතින් ඔයා දැන් දන්නවනෙ Crossing එකක් කියන්නෙ මොකක්ද කියලා. දැන් ඔයා ගිහිල්ලා මේ Crossings උනේ ඇත්තටම කා අතරද? මොකක්ද හේතුව වගේ වැඩිදුර කරුණු ගැන සොයා බලන්න . . ._

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Wealth Manager posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share